ගල්අඟුරු නැව් දෙකකට තවමත් මුදල් ගෙවලා නැහැ

මෙරටට ළඟා වූ ගල්අඟුරු නෞකා දෙකකට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වී තිබේ.
ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශේහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, පසුගිය සෙනසුරාදා සහ සිකුරාදා පැමිණි නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකි වී ඇති බවයි.
මෙම නෞකා දෙකට පෙර පැමිණි නෞකාවේ ගල්අඟුරු තොග ඊයේ (13) ගොඩ බා අවසන් කර ඇත.
ගල්අඟුරු මිලදී ගැනීම වෙනුවෙන්, ඊයේ විදුලි බල මණ්ඩලය මුදල් ප්රමාණයක් ලබා දුන්න ද එය ඊට ප්රමාණවත් නොවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ප්රකාශ කළේ ය.

