ඡන්දෙ දෙන්නේ නැත්නම් අපි ලෑස්තියි පාරේ විසඳගන්න – අනුර කුමාර දිසානායක

ඡන්දෙ දෙන්නේ නැත්නම් අපි ලෑස්තියි පාරේ විසඳගන්න – අනුර කුමාර දිසානායක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මොණරාගල පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක,

“සියලු සමීක්ෂණ වාර්තාවල තියෙන්නේ මාලිමාව උඩින්. මුද්‍රණාලයේ ප්‍රධානියාට අපි කියන්නේ.. තමන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳව.. හිතා මතා ඡන්ද වැළැක්වීම සඳහා බාධා කළොත් නඩු අහලා අවුරුදු 03ක් හිරේ. හොඳට මතක තියාගන්න කවුරු ඔය නඩු ඇහුවේ නැතත් අපි අහනවා.

භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහත්තයා සල්ලි වියදම් කරන්න කටයුතු කරන්නේ නැත්තම්.. ඔබ අධිකරණය ඉදිරියේ වගඋත්තරකරුවෙකු බවට පත්කරන එක සහතිකයි.

වගේම ජනාධිපති ලේකම්වරයා. නඩුවක් එනවා.. ඔබතුමා විත්තිකූඩුවට නඟින.. මම සාක්ෂි කූඩුවට නඟින.

මහජනයාගේ මතයත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න බැහැ.

ඡන්දෙ දෙන්නේ නැත්තම් අපි ලෑස්තියි.. ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට ගෙනල්ලා..පාරේ විසඳගන්න. හැබැයි ඒක අපේ බලාපොරොත්තුව නෙවෙයි.” යනුවෙන්