වැරදි ගිණුම් අංක සටහන් කළ නිලධාරීන්ට වැඩ වරදී

නොසැලකිලිමත් අයුරින් ගොවි ගිණුම් අංක වැරදි ලෙස සටහන් කළ කෘෂිකර්ම නිලධාරින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පැවති සාකච්ඡාවක දීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 800ක මුදල් ගොවීන්ට සහන සැලසීම සඳහා ලබා දුන්නා.
කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ මෙම මුදල් ගොවීන්ගේ ගිණුම්වලට යොමු කිරීමේ ක්‍රියාවලිය කඩා කප්පල්කාරි කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකට සහය දක්වන කෘෂිකර්ම නිලධාරින් කිහිපදෙනෙකු කටයුතු කර ඇති බවයි.

