මහා ශිව රාත්‍රී දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (18) යෙදී තිබේ.
මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ, දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනය ලෙසය.
ලොව බලවත්ම දෙවියා කවුද යන්න පිළිබඳව විශ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මත ගැටුමේදී ශීව දෙවිඳුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් විය.
එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විශ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැත.
ඒ අනුව ලොව බලවත්ම දෙවියා ශීව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරති.
හින්දු බැතිමතුන් මහා ශීව රාත්‍රි දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කඳම්බය නිකුත් කළ නැකත උදාවන දිනයේයි.
මේ අනුව හින්දු බැතිමතුන් අද රාත්‍රීයේ සිට හෙට (19) උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රීය සමරති.

