සිරියාවට ඊශ්‍රායලයෙන් රොකට් ප්‍රහාරයක්

සිරියාවට ඊශ්‍රායලයෙන් රොකට් ප්‍රහාරයක්

සිරියාවේ ඩැමස්කස් නගරයට ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.

අද (19) අලුයම එල්ලවූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවමත් වාර්තා වී නොමැති බව සඳහන්.

පසුගිය 6 වනදා 46,000කට අධික පිරිසකට මරු කැඳවමින් සිරියාවට සහ තුර්කියට බලපෑ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් පසු එල්ල වූ පළමු රොකට් ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩැමස්කස් නගරයට අවසන් වරට ප්‍රහාරයක් එල්ල වී තිබුණේ ජනවරි 2 වනදා වන අතර, එහිදී ද සිරියානු භට පිරිසක් මියගොස් තිබුණා.

https://bit.ly/3xxxH1Z