පුංචි ඡන්දය කල් ගියත්, ලබාගත් නාමයෝජනා වෙනසක් නැහැ

පුංචි ඡන්දය කල් ගියත්, ලබාගත් නාමයෝජනා වෙනසක් නැහැ

යම් හෙයකින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ලබාගත් නාමයෝජනා ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර, මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතු වී ඇති බව හෙට හෝ අනිද්දා මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බවට මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය 10 වනදා ප්‍රතිඥාවක් ලබා දී තිබුණා.

ඒ පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් එදින කැඳවූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් එම ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීමට මේ වනවිටත් මුදල් ලැබී නොමැතිවීම හේතුවෙනුයි මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව දැනුම් දී ඇත්තේ.