පුංචි ජන්දය කල් දමන්නැයි ගොනුකළ පෙත්සම සළකා බැලීම හෙට

පුංචි ජන්දය කල් දමන්නැයි ගොනුකළ පෙත්සම සළකා බැලීම හෙට

පළාත් පාලන ජන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජෙසුන්දර ගොනුකර තිබු පෙත්සම් හෙට (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.

පසුගිය 10 වනදා එම පෙත්සම කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ එළඹෙන 23 වනදා අදාළ පෙත්සම සලකා බැලීමටයි.

කෙසේ වෙතත්, එදිනට පෙර දිනයකදි එය සලකා බලන ලෙස පෙත්සම් පාර්ශවය මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුවයි හෙට දිනයේදි පළාත් පාලන ජන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීමට නියමිතව ඇත්තේ.

එමෙන්ම, මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

COMMENTS