මෛත්‍රීට සහ දයාසිරිට අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද (21) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිනි චමාලි පෙරේරා වෙනුවට වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් නුයි එම අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ.
කිසිදු විනය ක්රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථාවට පටහැනිව සිය මන්ත්‍රී ධුරය ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට සූදානම් බවට වන පෙත්සමක් අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි විසින් ගොනුකර තිබුණා.
ඊට අදාළ පෙත්සම අද කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ ඉදිරියේ කැඳවූ අතර, එහි දී මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.
එම අතුරු තහනම ලබන මාර්තු 3 වනදා දක්වා බලපැවැත්වෙන බවයි පෙත්සම කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ නියෝග කළේ.

