ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්රීවරුන් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 09.30 දක්වා කල් තබනු ලැබුවා.
විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල ඡන්ද විමසීම සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් ප්රශ්න කළ අතර එහිදී සභාවේ ඇතිවූයේ සංවාදාත්මක තත්ත්වයක්.
අනතුරුව දිනයට නියමිත යෝජනා පිළිබඳ දැනුම්දීම කථානායකවරයා විසින් ආරම්භ කිරීමත් සමඟ ඡන්දය පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්රීවරුන් පුවරු අතැතිව සටන්පාඨ කියමින් සභාව මැදට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.
එහිදී ඇතැම් මන්ත්රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තු මහලේකම්වරයා රැඳී සිටින ස්ථානයටද පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

