රජයේ සේවකයින්ට දීමනාවක්

මේ වසර අවසන් වන විට රජයේ සේවකයින්ට කිසියම් දීමනාවක් ලබා දීම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ඊයේ (20) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනු යි ඔහු මේ බව සඳහන් කළේ.
මේ අතර එළැඹෙන යල කන්නය සඳහා නොමිලේ මඩ පොහොර ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ඒ, ඒ වගා කටයුතු සඳහා ප්‍රමාණවත් මඩ පොහොර ලබාදීමට කටයුතු කරන බවයි.
යල කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 මිටිය රුපියල් 10,000 ක මිලකට ලබාදීමට ද යෝජනා කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 මිටිය රුපියල් 10,000 ක් ලෙස මිල නියම කර තිබේ.
අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසුවේ, යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 30,000 මෙරටට ගෙන්වා ඇති බවයි.

