උතුරු කොරියාව ආහාර අර්බුදයක

උතුරු කොරියාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.
කෘෂිකර්මාන්තය එරට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුව ද ඊට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලෝක ආහාර වැඩසටහන වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී උතුරු කොරියාවේ ආහාර නිෂ්පාදය අඩු වී ඇති බවයි.
කෙසේ වෙතත් කෘෂි කර්මාන්තය වෙනුවෙන් එරට රජය වෙන් කරන මුදල් වලට වඩා වැඩි ප්‍රමාණයක් අවි ආයුධ මිල දී ගැනීමට වියදම් කිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව ද විචාරකයින් පෙන්වා දෙනවා.

