ඡන්දේ කල් දාලා නැහැ, කල් දාන්න ඡන්දයක් නැහැ – ජනපති

ඡන්දේ කල් දාලා නැහැ, කල් දාන්න ඡන්දයක් නැහැ – ජනපති

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, මැතිවරණ කොමිසම නීත්‍යානුකූල මැතිවරණවයක් කැඳවා නොමැති බවයි.

එසේම මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේ ය.

මේ අතර ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කර ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පණවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා එම දැනුම්දීම සිදුකළේය.