දමිතා සජිත්ගේ වේදිකාවට නගී

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ආරම්භ කර තිබේ.
ඊයේ (22) පොළොන්නරුවේ පැවති සමගි ජන බලවේගයේ ජන රැලියකට එක්වෙමින් ඇය පැවසුවේ තමා ජීවිතයේ පළමුවරට මෙලෙස දේශපාලන වේදිකාවකට එක්වූ බවයි.
දමිතා අබේරත්න එහිදී දැක්වූ අදහස්,
“අපි අරගල කළේ රාජපක්ෂ හොරු එළවන්න. එහෙම නැතුව මේ රටේ එන එන නායකයාව එළවන්න නෙමෙයි. අපි හැබැයි කියපු දේ කළා. එදා අපිත් එක්ක ඔක්කෝම එකතු වුණා. අරගලයේ කවුරුත් නායක නායිකාවෝ හිටියේ නෑ. ඒ බොරු කතා. දැන් එනවා ඡන්දේ ඉල්ලගෙන අරගලයේ නායිකාවෝ. අරගලයට නායිකාවෝ හිටියේ නෑ. මේ අරගලය රටේ සියලුදෙනාගේ අරගලය. ඒ අරගලයට ආපු සියලුදෙනා නායක නායිකාවෝ. මම හදවතින්ම අරගලයට ආපු සියලුදෙනාට හිස නමා ආචාර කරනවා….” යනුවෙන්
එහිදී ඇය වැඩි දුරටත් කියා සිටියේ 88-89 කාලයේ ඇති කරන ලද මිලේච්ඡත්වය නැති කලේ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස බවත් එදා ඒ මිලේච්ඡත්වය හරහා ජනතා විමුක්ති පෙරමුණ බලය ගත්තේ නම් අද මෙරට සෝමාලියාවක් හෝ ඉතියෝපියාවක් වනු ඇතැයිද ඇය කියා සිටියා.

