ධනිෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කෙරෙයි

ධනිෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කෙරෙයි

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි කිහිපයක් ලිහිල් කර තිබෙනවා.

ඒ, අද (23) සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය මඟින්.

ඒ අනුව ධනිෂ්ක ගුණතිලකට වට්සප් පණිවිඩ සේවාව භාවිත කිරීමට හා රාත්‍රියේ දී පිටතට යාම අවස්ථාව හිමි වනු ඇති.

ධනිෂ්ක ගුණතිලක විසින් ඇප කොන්දේසි ලිහිල් කර ගැනීම සඳහා ඉල්ලුම් කළ පෙස්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව යි ඔහුට මෙම අවස්ථාව හිමි වී ඇත්තේ.

විදෙස් මාධ්‍යය මේ බව වාර්තා කළා.

https://bit.ly/3xIAFky