ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට 2022 වසරේදී රු.බිලියන 6.3 ක ලාභයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට 2022 වසරේදී රු.බිලියන 6.3 ක ලාභයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී රුපියල් බිලියන 6.3 ක ශුද්ධ ලාභයක් උපයා තිබෙනවා.

ඔවුන් නිවේදනය කළේ, එය ක්‍රිකට් ආයතනය එහි ඉතිහාසය තුළ ඉපයූ ඉහළම වාර්ෂික ශුද්ධ ආදායම බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් පත්කර තිබෙනවා.

දස දෙනෙකුගෙන් සමන්විත එම මණ්ඩලයේ සභාපති ලෙස පත්කර ඇත්තේ විනිසුරු කේ.ටී. චිත්‍රසිරියි.