දැඩි ආහාර අර්බුදයක් අස්සේ උතුරු කොරියාව කෲස් මිසයිල අත්හදා බැලීමක

යුද ගැටුමක දී සතුරු හමුදාවන්ට න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා උතුරු කොරියාව උපාය මාර්ගික වශයෙන් වැදගත් කෲස් මිසයිල හතරක් අත්හදා බලා තිබෙනවා.
හම්යොන්ග් පළාතේ කිම්චායෙක් නගරයට නැගෙනහිරින් වූ මුහුදු තීරයේ ඊයේ (23) පැවති යුද අභ්‍යාසයක දී කොරියානු මහජන හමුදාව මෙලෙස කෲස් මිසයිල අත්හදා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුද අභ්‍යාසය සාර්ථක වී ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කර ඇති අතර, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අදාළ මිසයිල දියත් කිරීම නිරීක්ෂණය කළ බවයි.
ලෝක ආහාර වැඩසටහන පසුගිය දා පෙන්වා දුන්නේ උතුරු කොරියාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවයි.
කෘෂිකර්මාන්තය එරට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුව ද ඊට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලෝක ආහාර වැඩසටහන වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී උතුරු කොරියාවේ ආහාර නිෂ්පාදය අඩු වී ඇති බවයි.
කෙසේ වෙතත් කෘෂි කර්මාන්තය වෙනුවෙන් එරට රජය වෙන් කරන මුදල් වලට වඩා වැඩි ප්‍රමාණයක් අවි ආයුධ මිල දී ගැනීමට වියදම් කිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව ද විචාරකයින් පෙන්වා දෙනවා.

