පුංචි ඡන්දය මර්තු 9 වෙනිදා නැහැ

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 නො පැවැත්වෙන බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව දිනය ප්‍රකාශ කිරීම මාර්තු 3 වැනි දා සිදු වන බව යි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.
ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ, මැතිවරණ කොමිසම මඟින් මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳ තවමත් නීත්‍යනුකූල ව ප්‍රකාශ කර නොමැති බව යි.
කෙසේ වෙතත් දේශපාලන පක්ෂ ගණනාවක් හා ස්වාධීන කණ්ඩායම් ද මැතිවරණයට අදාළ ව නාමයෝජනා දැනටමත් භාර දී අවසන්.


