මැතිවරණ පවත්වන එක යුතුකමක්, ආණ්ඩුවට ෂුවර් නැහැ දිනයිද කියලා

මැතිවරණ පවත්වන එක යුතුකමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්,
ප්රශ්නය:- ඊයේ ජනාධිපතිවරයා කිව්වා කල් දාන්න මැතිවරණයක් ඇත්තෙත් නෑ, සල්ලි තිබ්බත් මැතිවරණයක් තියන්නත් බැහැ කියලා.
පිළිතුර:- නමුත් එයා තියන්න එපැයි, යුතුකමක් නේ මැතිවරණය තියන එක, සල්ලි නැත්නම් තියන්නත් බැහැ තමයි, හැබැයි යුතුකමක් වශයෙන් ඕනෑම වෙලාවක මැතිවරණයට අපි සූදානම්.
ප්රශ්නය:- ඔබ තුමාගේ කාලයේ කවදාවත් මැතිවරණ පස්සට දැම්මේ නැහැ,
පිළිතුර:- ඔව් ඒ අපි දිනන බව දන්නා නිසානේ,
ප්රශ්නය:- මේ ආණ්ඩුවේනේ ඔබ තුමා
පිළිතුර:- මේ ආණ්ඩුවට ෂුවර් නැහැ දිනයිද කියලා ඒකයි,
“මැතිවරණයක් තියන්න ඕනේ ජනාධිපතිවරයාටත් දැන ගත හැකියි පක්ෂයට තියෙන තත්ත්වය, ආණ්ඩුව ගැන ජනතාව හිතන විදිහ ලේසියෙන්ම දැන ගන්න පුළුවන්නේ මැතිවරණයක ප්‍රතිපලය අනුව” යනුවෙන් වැඩි දුරටත් පැවසීය.

