ඡන්දය කල් දැමීම ගැන මැතිවරණ සංවිධාන ජාත්‍යන්තරය දැනුවත් කිරීමට සැරසෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා නොපැවැත්වීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තරය දැනුවත් කරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ, මංජුල ගජනායක මහතා සඳහන් කළේ, මැතිවරණය කල් දැමීම වැළැක්වීම දේශීයව සිදුකළ නොහැකි බව නිරීක්ෂණය වී ඇති බවයි.
මැතිවරණය කල් යෑම නිසා නාම යෝජනා භාර දුන් 80,000 කට අධික අපේක්ෂකයින්, මේ වන විට බරපතල අසාධාරණයකට ලක්ව ඇති බව ද මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ ය.

