මහින්දට යළිත් අගමැති තනතුර දීමේ සූදානමක්

මහින්දට යළිත් අගමැති තනතුර දීමේ සූදානමක්

අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂට ලබාදීමේ සැලසුමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසනවා.

නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂයේ මිත්‍රයින් ඒ සඳහා සහාය ඉල්ලා සිටි බවය.

ඔහු මේ බව කියා සිටියේ නිදහස් ජනතා සන්ධානය කැඳවා තිබු මාධ්‍ය හමුවකදීයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙක් එතුමාගෙන් ප්‍රශ්න කර සිටියා මෙලෙසින්,

ප්‍රශ්නය:– රාවයක් පැතිර යනවා අග්‍රාමාත්‍ය තනතුර දැන් මහින්ද මහත්තයාට දෙන්න යන්නවා කියලා මේක ඇත්තක්ද ?

පිළිතුර:- “අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරන්න යම් වැඩපිළිවෙලක් යනවා කියලා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ආවා.

දිනේෂ් ගුණවර්ධන මහතාව අයින් කරලා මහින්ද රාජපක්ෂ මහතාව නැවත වතාවක් අගමැති ධුරයට පත් කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා කියලා.

අපි හිතන්නේ නැහැ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරියයි කියලා. ආණ්ඩුව ගෙදර යන එක තමයි කරන්න ඕනේ. අගමැති ධුරය වෙනස් කරලා රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.

මේ උත්සාහයට අපි සහාය දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් විවේක සුවයෙන් ගෙදර ඉන්න ඕනේ. එතුමා රට වෙනුවෙන් කරපු යමක් තිබේ නම් ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්න ඒක හේතුවක් වෙයි.” යනුවෙන්