කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ සටන අපි දිනනවා – අනුර දිසානායක

කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ සටන අපි දිනනවා – අනුර දිසානායක

“මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබු විරෝධතාවයක් අද පැවැත්වුණා.

එම විරෝධතාවයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කලා.

විරෝධතාවයට එල්ල වු ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

මේ අතර ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව විරෝධතා පෙළපාලියේ පැමිණි විරෝධතාකරුවන් කොළඹ ලිප්ටන් වට රවුමට රැස්වී ජනහමුවක් පවත්වා තිබුණා.

එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක.

“රනිල් වික්‍රමසිංහලා ගොඩක් බය වුණා, ඇයි ඡන්දේ තියන්න බය වෙන්නේ, 75 අවුරුද්දක් ගත වෙච්ච එකේ සතිය මොකක්ද රනිල් අපිට, රනිල් හිතනවද මාසයක් අපිට ඉවස්සන බැරි වෙයි කියලා, නැහැ, හැබැයි මතක තියා ගන්න රනිල් හිතනවානම් ඡන්දේ කල්දාලා ජන නැගිටීම පාලනය කරන්න පුළුවන් කියලා හිතනවානම්, පව් රනිල්, පරක්කු වෙන දිනයක් දිනයක් පාසා ජනතාව එකතු වෙනවා.

මේ සටන කෙළවරට එනකොට පොලිසිය සහ හමුදාවත් අනිත් පැත්තට හැරෙන බව අපි දන්නවා, පොලීසියේ මහත්තයා අතන හිටියට, සහෝදරයා මෙතන අදත් අපිට බැරියර් එක ලඟදි රහසින් කිව්වේ මොකක්ද ? සහෝදරවරු ආරක්ෂා වෙන්න අපි ඕගොල්ලන් එක්ක, ඒක තමයි පොලිසියේ හඬ,

පොලීසියේ මහත්වරුන්ටත් අපි කියන්නේ නැවත නැවත වතුර, කඳුළු ගෑස් ගහන්න ලෑස්තිවෙන්න එපා, අපි මේ සටන කෙක්කෙන් හරි කොක්කෙන් හරි අපි දිනනවා. අපි මේ වැඩේ පටන් අරන් තියෙන්නේ ලාමක ටින් ටින් වැඩක් නෙවෙයි, ලාමක ටින් ටින් වැඩ සජිත් ප්‍රේමදාසලා එක්ක, ඒක නිසා ඔයයි ඔයාගේ ආණ්ඩුවයි අපි සහතික වශයෙන් කෙටි කාලයක් තුළ පරාද කරනවා” යනුවෙන්