විදේශීය ණය බර හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයක – IMF

විදේශීය ණය බර හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයක – IMF

ශ්‍රී ලංකාවේ ඇති දැඩි විදේශීය ණය බර හේතුවෙන් එරට මේ වනවිට ආර්ථික අවපාතයකට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ඊයේ (25) දිනයේ දී අයි.එම්.එෆ්. අරමුදල නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ ණය නිරාකරණය කිරීමේ සම්බන්ධයෙන් වන පොදු රාමුවක් සැකසීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

පොදු රාමුවක් නිර්මාණය කරගැනීමට ‘කාලානුරූප හා විධිමත් ක්‍රියාවලීන්’ අවශ්‍ය බවත් එහි සඳහන්.

G20 සමුළුවේ දී මහබැංකු අධිපතිවරුන්ගේ (FMCBG) හා මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම අවසන් වීමෙන් පසුව අයි.එම්.එෆ්. මෙම නිවේදනය නිකුත් කළේ.

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva සඳහන් කළේ ණය නිරාකරණයේ වේගය සහ සඵලතාව වැඩි දියුණු කිරීමට සිදු කරන උත්සාහය තමන් අනුමත කරන බවයි.

එය ශ්‍රී ලංකා ආර්ථිකය යළි පිබිදවීමක් බවත් එහි සඳහන්.

ගෝලීය කොවිඩ් වසංගතයත් සමඟ බොහෝ රටවල්වල ආර්ථික අවපාතයක් නිර්මාණය වී ඇති බව ද ඊයේ ජී20 සමුළුවේ දී අවධාරණය කෙරුණා.

එමෙන්ම යුක්‍රේන – රුසියානු යුද්ධය හේතුවෙන් ද ආර්ථික කම්පන දැඩි වී ඇති බවයි පැවසෙන්නේ.

ඉතා සීමිත ප්‍රතිපත්තිමය අවකාශයක් සහ විශාල සංවර්ධන අවශ්‍යතා සහිත සංවර්ධනය වෙමින් පවතින සහ අඩු ආදායම්ලාභී රටවලට මෙම පොදු රාමුව අත්‍යවශ්‍ය බව ද ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා ප්‍රකාශ කළා.

https://reut.rs/41pkXZc