ඡන්දය ඉල්ලා අරගල කරන්න ආපු නිමල් මියයයි

ඡන්දය ඉල්ලා අරගල කරන්න ආපු නිමල් මියයයි

ඊයේ (26) දින ජාතික ජනබලවේග විරෝධතාව අතරතුර අනතුරට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්සයට පත්ව ඇත්තේ නිවිතිගල ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂයෙක්.

නිමල් අමරසිරි නැමැති මරණකරු 61 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

කඳුළු ගෑස් උණ්ඩයක් මුහුණ මත වැදීමෙන් සිදුවූ අනතුරකින් මොහු ජීවිතක්ෂයට පත් වී ඇති බව සඳහන්.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමිනුයි ජාතික ජනබලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

මේ අතර, ඊයේ විරෝධතාව අතරතුර දී විරෝධතාකරුවන්ට පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා.

එසේම, ඔවුන්ට එම ප්‍රදේශයට ඇතුළු වීම වළක්වන අධිකරණ නියෝගයක් ද නො තිබුණු බවත් වාර්තාව හෙට (28) මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වනවා.