උද්ධමනය චුට්ටක් අඩුවෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන මූලික උද්ධමනය ජනවාරි මාසයේ පැවති උද්ධමන අගයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ දී සුළු වශයෙන් පහත වැටී තිබෙන බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පහුගිය ජනවාරි මාසයේ මූලික උද්ධමන අගය වූ 51.7% ගත වූ පෙබරවාරි මස අවසන් වන විට 50.6%ක් දක්වා 1.1%න් පහත වැටී තිබෙනවා.
මේ අතර ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලට අනුව අදාල කාල සීමාවේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේ දී සටහන් වූ 60%ක අගයේ සිට 54.4% දක්වා පහත වැටී තිබෙන්නේ සාපේක්ෂව 5.6% අගයක් පෙන්වමින්.
කෙසේ නමුත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේ වාර්තා වූ 47.9% අගයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ දී 48.8% දක්වා සුළු වශයෙන් වර්ධනය වී තිබෙනවා.

