ඡන්දයට ළඟම දිනයක් අනුර ඉල්ලයි

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් අද (28) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි නියෝජිතයින් හමුවී පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.
එහිදී මාර්තු 03 වැනිදා කොමිසම රැස්වී ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ දී ළඟම දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස තමන් ඉල්ලා සිටි බවයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක.
තියන නීතිය අනුව මැතිවරණය කල් දමනවානම් දින 21කට පසු දිනයක් ඔවුන් ප්‍රකාශයට පත් කළ යුතුයි. අපේ ඉල්ලීම වුනේ අලුත් දිනය ඉතා කෙටි දිනයක් බවට පත් විය යුතුයි කියන එක. දැනටමත් දේශපාලන ව්‍යාපාරත් මැතිවරණ කොමිසමත් විශාල වැය බරක් දරලා තියෙනවා. දේශපාලන ව්‍යාපාරත් ඒ ප්‍රචාරණ කටයුතු දින 33ක් හරියටම හතරෙන් තුනක් වගේ ගත වෙලා තිබුණ නිසා මෙය කණ්ඩනය නොවන ආකාරයට නව දිනයක් දෙන්න කියන එකයි අපේ ඉල්ලීම වුණේ.
ප්‍රශ්නය:- හුඟක් අය කරන චෝදනාවක් තමයි කඳුළු ගෑස් ගහලා ජල ප්‍රහාර ගහනකොට ඔබ තුමා හැංඟුනාළු ?
පිළිතුර:– ඔය ගොල්ලෝ දැක්කනේ මොකද වුණේ කියලා, රැස්වීම ඉවර වුණාම එන නායකයෝ ඉන්නවා, රැස්වීම් වලින් පිටස්තරව ඉන්න නායකයෝ ඉන්නවා, අපි එහෙම නෙවෙයි ජනතාව එක්ක ඉන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීම වරදක් ද?
ප්‍රශ්නය:- ඔබතුමන්ලා හිතන්නේ මේක මනුෂ්‍ය ඝාතනයක් විදිහටද ? නැත්නම් අනතුරක් විදිහටද?
පිළිතුර:- මේක පැහැදිලිවම ඝාතනයක්, පොලීසිය මඟ හරස් කරලා මෙවැනි ප්‍රහාරයක් එල්ල කරේ නැත්නම් මෙවැනි සිදු වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
ප්‍රශ්නය:- මියගිය අපේක්ෂකයාගේ පවුල වෙනුවෙන් ඔබතුමන්ලා පෙනී සිටිනවාද?
පිළිතුර:- විශේෂයෙන්ම මේ වනවිටත් ඔහුගේ පුත්‍රයා විදේශගතවෙලා ඉඳලා පැමිණිලා තියෙනවා. ඔහුත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා . ඒ වගේම ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. අපේ පැත්තෙන් කළ හැකි උපරිම දේ අපි ඒ වෙනුවෙන් කරන්න සූදානම්. යනුවෙන්

