මුව ආවරණ පැළදීමේ නීතිය හොංකොං රාජ්‍යය සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

හොංකොං රාජ්‍යය මුව ආවරණ පැළදීමේ නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා.
2020 වසරේ කොරෝනා වසංගතය ආරම්භයත් සමග පැනවූ මුව ආවරණ නීතිය මෙලෙස සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
කෙසේ වෙතත් රෝහල් වැනි ඉහළ අවදානම් ස්ථානවල, කාර්ය මණ්ඩලයට සහ අමුත්තන්ට මුව ආවරණ පැළදීමට රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන් එම ස්ථානවල පරිපාලකයින්ට තීරණය කළ හැකි බව සඳහන්.
කොරෝනා වසංගතය ආරම්භයේ දී ලොව පුරා පැනවූ මුව ආවරණ නීතිය මේ වනවිට රටවල් රැසක් ඉවත් කර තිබෙනවා.

