QR අත්හිටුවීමට තීරණය කර නෑ – කංචන විජේසේකර

ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමය අප්‍රේල් මස 10 වෙනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.
දත්ත විශ්ලේෂණය කර ක්‍රමානුකූලව ඉන්ධන කෝටාව වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බව ඇමැතිවරයා සඳහන් කරයි. QR කේත ක්‍රමය පිළිබඳ ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.


