ඡන්දෙ කල්දාන්න හේතුව අනුර කියයි

ඡන්දෙ කල්දාන්න හේතුව අනුර කියයි

මැතිවරණය මැයි මාසයෙන් පසුව පැවැත්වෙනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේදී පැවති ජන රැලියකට එක්වෙමිනි.

මැතිවරණ කොමිසම මේ මාසය තුළ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවද අනුර කුමාර සදහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක,

“අපේ රටේ පොදු ජනයා තමන්ගේ දේශපාලන පක්ෂයක් තෝරගෙන පෙළගැසෙමින් තිබෙනවා. මේකයි ඡන්දෙ කල්දාන්න හේතුව. ඒකට කලබල වෙලා. ඡන්දෙ පස්සට දාන දවසක් දවසක් ගානේ මාලිමාව තව වර්ධනය වෙනවා. බොහෝ දුරට මැයි මාසයෙන් පස්සේ දිනයක් දෙයි ඡන්දේ තියන්න. ඒගොල්ලන්ගේ ඉඟිබිඟිවලින් මට තේරුණේ මාර්තුවල ඡන්දයක් නැහැ. අප්‍රේල්වලත් නැති වෙයි. කොමිසම මාර්තු තීන්දුවක් ගනී. ඔය ඔක්කොම සෙල්ලම් ගැහුවත් උපරිම අවුරුද්දයි. අවුරුද්දක් යන්න මත්තෙන් මේක අපි වෙනස් කරනවා.” යනුවෙන්

COMMENTS