තියුණු සටනක රුසියාව – ඩ්‍රෝන යානා දෙකකුත් බිම හෙළයි

යුක්‍රේන ඩ්‍රෝන යානා දෙකක් රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ දී රුසියානු හමුදාව විසින් බිම හෙලා තිබෙනවා.
මොස්කව් හි යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම සදහා මෙම ඩ්‍රෝනා යානා එවා ඇති බවට රුසියාව චෝදනා කරන නමුත්, යුක්රේනය එය ප්‍රතික්ෂේප කළා.
මේ අතර, යුක්රේනයේ බක්මූට් නරගය අත්පත් කර ගැනීම සඳහා රුසියාව දියත් කර ඇති මෙහෙයුම් පුළුල් කර තිබෙනවා.
මේ නිසා රුසියානු සහ යුක්රේන හමුදා අතර තවදුරටත් දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

