දුමරිය දෙකක් එකට ගැටෙයි – 26ක් මරුට (Photos)

දුමරිය දෙකක් එකට ගැටෙයි – 26ක් මරුට (Photos)

උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 26 දෛනකු මියගෙස් තවත් 85 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලැරිසා නගරය ආසන්නයේ සිදුවූ මෙම අනතුරින් විපතට පත් දුම්රිය මගීන් බේරා ගැනීමට සහ අනතුරින් පසු ඇති වූ ගින්න නිවා දැමීම සඳහා මුදා ගැනීමේ සේවකයින් කටයුතු කර ඇති බවයි.

මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුමිරියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අනතුරින් පසු හටගත් ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීම් රථ 17 ක් යොදවා ඇතැයි, ද ග්‍රීසි බලධාරීන් උපුටා දක්විමන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

https://bit.ly/3Z895ch

COMMENTS