පෙම්වතිය යැයි සිතා මමියකට පෙම් කළ මිනිසා

පේරු රාජ්‍යයෙන් අපූරු පුවතක් වාර්තා වනවා. ඒ, පෙම්වතිය සේ සලකා ඉපැරණි මමියක් බෑගයේ දමාගෙන ජීවත් වූ පුද්ගලයෙකු පිළිබඳවයි.
ඉපැරණි ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන පේරු රාජ්‍යයේ පුරාවිද්‍යා වැඩබිම් රැසක් විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව තිබෙනවා.
මායා ඉන්කා ශිෂ්ඨාචාරයේ ඉපැරණි නටඹුන් මෙන්ම එදා ජීවත් වූ ජනතාවගේ ජීවන රටා ප්‍රදර්ශනය කෙරෙන භාණ්ඩ හා මෙවලම්ද එහි දක්නට ලැබෙනවා.
මෙම පුද්ගලයා එරට පූනෝහි පුරා විද්‍යා වැඩබිමක සේවයේ යෙදෙන පුද්ගලයෙක්. ඔහුගේ රැකියාව භාණ්ඩ බෙදා හැරීමයි. දිනක් ඔහු පුරා විද්‍යා වැඩබිමේදී බීමතින් සිටියා.
මෙහිදී අදාළ පුද්ගලයා පොලීසිය පරීක්ෂා කළා. ඔහු සතුව තිබූ ශීත බෑගයක මමියක් තිබුණා. එම මමිය දිගු කලක සිට එම පුද්ගලයා තබා ගෙන තිබෙනවා.
ඇතැම් අවස්ථාවල මමිය සමග කාමරයක කල් ගත කොට ඇති බවයි වාර්තා වන්නේ. ඔහු පොලීසියට ප්‍රකාශ කළේ, එම මමිය තම පෙම්වතියගේ බවයි.
එහෙත්, පුරා විද්‍යාඥයින් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වූයේ මමිය පිරිමි පුද්ගලයෙකුගේ මමියක් බවයි.



