මෛත්රීගේ පෙත්සමක් අභියාචනා මහාධිකරණයෙන් නිශ්ප්රභ කරයි

පාස්කු ප්රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්රීපල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21000/- ගාස්තුවට යටත්ව නිෂ්ප්රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළා.
සංජීව මොරායස් සහ ෆ්රෑන්ක් ගුණවර්ධන යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
ප්රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

