රටේ වෘත්තීය සමිති එකතු වෙලා ඉන්නේ, ලේසි වෙන් නෑ

ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ඇත්ත වෘත්තීය සමිති මොනවාද ? කෝම්බ මොනවාද යන්න නොදන්නා බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.
එහෙයින් සුපුරුදු පරිදි රැවටී නැවත ගෙදර යා හැකි බවයි කුමුදේශ් පැවසුවේ.
ඔහු මේ පැවසුවේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමිනි,
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කුමුදේශ්,
”ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා කියනවා මානුෂික මෙහෙයුමක් කරන්න රට බංකොලොත් වෙද්දී අඩු ආදායම්ලාභියා සිය දිවි නසා ගනී කියල. ඔහු බංකොලොත් වුනහම විවිධ තීරණ ගනී කියල. හැබැයි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට ඒක තේරෙන්නෙත් නැහැ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා රටේ වෘත්තීය සමිති එකතු වෙලා ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයට ඕන නම් හැමදාම වැරැද්ද ගත්තා වගේ වටේ ඉන්න අය වෘත්තීය සමිති කියල කෝම්බ 500ක් 1000ක් දාලා කන්න දෙන එකට රැවටෙන්න.රැවටිලා කලින් කරගත්තා වගේ ජන්ද 30,000ක් වත් නැතුව ගෙදර යන තැන හදාගන්න. මොකද එයා දන්නේ නැහැ මේ රටේ බිමේ ඉන්න වෘත්තීය සමිති මොනවද කෝම්බ මොනවද කියල. ඒ නිසා අපි කියනවා ඕනේ නම් රැවටෙන්න අපි කරලා පෙන්වන්නම්” යනුවෙන්

