බදු ගෙවීම පැහැර හරින්නන්ට වැඩ වරදින හැඩක්

සිය ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හඳුනා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ ඊයේ (01) මුදල් අමාත්‍යංශයේදී පැවති හමුවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත.
රාජ්‍ය ආදායම පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක බදු පැනවීම මගින් ආදායම් රැස් කිරීම හා සමාන බදු පැහැර හරින පිරිස් හඳුනා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
අදාළ පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මට්ටමින් කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දී ඇත.
එම හමුවේදී බදු ආදායම් රැස් කර ගැනීම සම්බන්ධ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති අතර රැමිස් පද්ධතිය, නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ

