18න් පහළ ළමුන්ට Tik Tok සීමාවක්

18න් පහළ ළමුන්ට Tik Tok සීමාවක්

වයස අවුරුදු 18න් පහළ ළමයින්ට Tik Tok සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය පැයක කාලයකට සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වන ක්‍රමවේදය ඉදිරියේ දී හදුන්වා දෙන බවයි Tik Tok සමාගම සඳහන් කර ඇත්තේ.

18ට අඩු පරිශීලකයන් සඳහා ස්වයංක්‍රීයව කාලය පාලනය කිරීමට මෙම නව ක්‍රමවේදය යටතේ ටික්ටොක් සමාගම මැදිහත්වී කටයුතු කරන අතර භාවිත කරන කාලය පැයක් ඉක්මවා යන විට ඒ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ද සිදුකෙරෙන බව එම සමාගම සඳහන් කර තිබෙනවා.

https://bit.ly/3ZfGB0k

COMMENTS