රියැදුරන්ගෙන් හා ජනතාවගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි

රියැදුරන්ගෙන් හා ජනතාවගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වසා තැබීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ඒ, ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයතනයක් මගින් භූගත ජලනල පද්ධතියක් එලීමට නියමිතව ඇති බැවින්.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ