ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක්

ඉදිරි වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් සහාය දීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා.

ඒ අනුව ඊට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම මුල්‍ය ප්‍රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇති කරගෙන ඇති ගනුදෙනුව අවසන් වූ වහාම සිදු කෙරෙනු ඇති.

ලෝක බැංකුව විසින් එම මූල්‍ය ප්‍රදානය පියවර කිහිපයක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කෙරෙන අතර, පළමු මුදල් ලබාදීම අයි.එම්.එෆ්. ගනුදෙනුව අවසානයේ දී සිදු වනු ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට දැඩි ආර්ථික අවපාතයක් නිර්මාණය වී ඇති පසුබිමකදියි ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙලෙස ලෝක බැංකුවෙන් ප්‍රදානයක් සිදුවන්නේ.

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් අදිරයක පවතින අතර, ඊයේ දිනයේ දී මෙරට රජය විසින් බැංකු පොලී අනුපාතය පවා යළි ඉහළ දැමීමට තීන්දු කිරීම පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසීමට ලක්වුණා.

එය ආර්ථිකය සවිමත් කිරීම උදෙසා රජයක් විසින් ගතයුතුම තීරණයක් බවයි ඔවුන් සඳහන් කළේ.

මූල්‍ය විනයක් ඇති කිරීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුට පළ කර ඇති ලෝක බැංකු නියෝජිතයන්, එම කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහය දෙන බවට ද පොරොන්දු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මෙම නියෝජිත පිරිස ජනපති රනිල් වික්‍රමසිංහ ද මුණගැසී සාකච්ඡාවක් පැවැත්වූහ.

COMMENTS