07 වැනිදායින් පසු වෘත්තීය සමිති දැඩි වෙයි

07 වැනිදායින් පසු වෘත්තීය සමිති දැඩි වෙයි

රජයේ බදු ප්‍රතිපතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබ‍ද ඊයේ (03) වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී එළඹෙන 7 වැනිදායින් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර ඊයේ (03) දහවල් එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේ ද බදු ප්‍රතිපතියට එරෙහිවයි.

එසේම රත්මලාන සහ මැදවච්චිය ප්‍රදේශවල ද ඊට අදාළව විරෝධතා සංවිධානය කර තිබුණා.