07 වැනිදායින් පසු වෘත්තීය සමිති දැඩි වෙයි

රජයේ බදු ප්‍රතිපතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ඊයේ (03) වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී එළඹෙන 7 වැනිදායින් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර ඊයේ (03) දහවල් එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේ ද බදු ප්‍රතිපතියට එරෙහිවයි.
එසේම රත්මලාන සහ මැදවච්චිය ප්‍රදේශවල ද ඊට අදාළව විරෝධතා සංවිධානය කර තිබුණා.

