බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික නීති දැඩි වෙයි

සිය සංක්‍රමණික නීති දැඩි කිරීමට බ්‍රිතාන්‍ය සූදානම් වනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ නීතිවිරෝධීව කුඩා යාත්‍රා මගින් සරණාගතභාවය අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස ඉහළ ගොස් ඇති බවයි.
එලෙස පැමිණෙන පුද්ගලයන්ට කිසිසේත්ම සරණාගතභාවය ලබානොදීමට අදාළව නීති සම්පාදනය කිරීමටයි එරට පාර්ලිමේන්තුව සූදානම් වන්නේ.
එමෙන්ම මෙලෙස නීතිවිරෝධීව බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස් වෙනත් රටකට පිටුවහල් කිරීම කෙරෙහි ද එරට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

