ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකරන බවට ප්‍රකාශයක්

ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකරන බවට ප්‍රකාශයක්

Update:- ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ගණන් වැඩි වුව ද අද දිනයේ දී ගෑස් මිල ගණන් කිසිදු අයුරකින් ඉහළ දැමීමක් සිදු නොකරන බවට් ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරනවා.

එහි සභාපති මුද්‍රිත පීරිස් නිවේදනයක් නිකුත් කර කියා සිටියේ, ඩොලරයේ අගය මත රුපියල ශක්තිමත් වුව ද ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව මේ වන තෙක් පැවති ගෑස් සිලින්ඩරවල සාමාන්‍ය මිල ගණන් මට්ටම එලෙසම රඳා පවතිනු ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

…………………………………………………………

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් අද (05) දිනයේදී සිදුවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මෙම මාසය තුළ ඉහළ දැමීමට නියමිතව තිබුණත් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ගෑස් මිලේ වැඩිවීමක් සිදු නොවන බවටයි වාර්තා වන්නේ.

අද (05) දිනයේදී ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.