රන් පවුමේ මිල බහී

රන් පවුමේ මිල බහී

කොළඹ හෙට්ටිවීදියේ රත්‍රං වෙළෙඳුන් පවසන්නේ කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 157,500ක් බවයි.

පසුගිය සතියේ කැරට් 22 රන් පවුමක මිල පැවතියේ රුපියල් 172,000ක අගයක වන අතර කැරට් 24 පවුමක මිල පැවතියේ රුපියල් 185,000ක අගයක බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 15,000ත් 17,000ත් අතර අගයකින් සහ කැරට් 24 රන් පවුමක් රුපියල් 14,500කින් පහළ ගියා.