ෆොන්සේකාගේ රැස්වීමකට පිරිසක් කඩා වදී (Video)

“නිරායුධ නිර්පාක්ෂික අරගලය – ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ අද පස්වරුවේ කොළඹ දී සමුළුවක් පැවැත්වුණා.
ඊට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.
එහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් දැක්වීමෙන් පසුව ඊට එක්ව සිටි පිරිසක් කියා සිටියේ මෙම වැඩසටහන නිර්පාක්ෂික නොවන බවයි.
ඒ සමඟම ඔවුන්ගෙන් පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.

