IMF ණය මුදල මේ මාසයේ ?

IMF ණය මුදල මේ මාසයේ ?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනුමැතිය හිමි වු විස්තීර්ණ ණය පහසුකම මේ මස අවසානයේදි ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබි්‍ර පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඉන්දීය රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

විදෙස් සංචාරක පැමිණිම, රුපියල ක්‍රමිකව ස්ථාවර මට්ටමකට ලගාවීම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මුදල් නීත්‍යානුකූලව මව් රටට එවීම නැවතත් ආරම්භ කිරීම හේතුවෙන් යහපත් වටපිටාවක් සහ ස්ථාවර බවක් රට තුල නිර්මාණය වී ඇති බවද අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබෙනවා.

මේ අතර ආර්ථික අර්බුදකාරි තත්ත්වය හමුවේ ඉන්දිය රජය ලබාදුන් සහාය අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා ප්‍රබල බවද විදේශ අමාත්‍ය අලි සබ්රි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් හමුවේ සදහන් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

https://bit.ly/3EY1LIg