සභාපතිකමේ ඉන්නවද? නැද්ද ? හොඳින්ම දන්නේ ජී.එල් – සාගර කාරියවසම්

සභාපතිකමේ ඉන්නවද? නැද්ද ? හොඳින්ම දන්නේ ජී.එල් – සාගර කාරියවසම්

ජී.එල්. පීරිස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරනවා ද? නැද්ද? යන්න පිළිබඳව ඔහු තමන්ගේ හෘදසාක්ෂියෙන් විමසිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසයි.

අද ( 7) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේ මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම්,

මං හිතන්නේ එතුමා පක්ෂේ සභාපතිවරයා හැටියට කටයුතු කරනව ද නැද්ද කියන එක ඉතා ම හොඳින් දන්නේ එතුමා ඒ ගැන ඊට වැඩිය මං ඒ අවස්ථාවේදී දෙයක් ප්‍රකාශ කරන්නේ නැහැ. මොකද අපි ඉතා ඉහළ කළගුණ දන්න ඒ වගේ ම ලොකු සදාචාරයක් තියෙන පක්ෂයක්. අපි එහෙම කැමැති නැහැ පදනමක් රහිත පුද්ගලයෙකුට මඩ ගහන්න එතුමා එතුමාගෙන් ම හෘද සාක්ෂියෙන් විමසුවොත් හොඳයි. එතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා හැටියට මේ වන විට කටයුතු කරනව ද? නැද්ද? කියන එක. ඉදිරි කාලයේදී අවශ්‍ය කටයුතු පක්ෂයක් හැටියට අපි සිදු කරනවා කියන එක පමණක් මේ අවස්ථාවේදී කියන්න කැමති.” යනුවෙන්

COMMENTS