පිලිපීනයෙත් පොළොව හෙල්ලෙයි

දකුණුදිග පිලිපීනයේ රිච්ටර් මාපක 6.2ක භූ කම්පනයක් සිදු ව තිබෙනවා.
අද (07) පස්වරුවේ මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ, මරගුසාන් නගරය ආශ්‍රිතවයි.
එය කඳුකර ප්‍රදේශයක් වන මින්දනාවෝ දූපතේ පිහිටා ඇති නගරයක්.
භූ කම්පනයෙන් එරට අධිවේගී මාර්ගයක් ද නාය යෑමට ලක් ව ඇති අතර, සිදු ව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

