තැපැල් ඡන්දය පවත්වන දිනය

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව මාර්තු මස 28, 29, 30 සහ 31 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළා.
පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (07) නිවේදනය කළේය.

