QR කේතයේ වෙනසක්

QR කේතයේ වෙනසක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ QR කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මීට පෙර QR කෝටාව යාවත්කාලීන කෙරුණේ සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේදීය.

එමගින් ඇතිවන බෙදාහැරීමේ පිරිවැය අවම කරගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

මේ අතර අදාළ ට්විටර් පණිවුඩයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ QR කෝටාව හරහා සතිකට ලැබෙන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් සිදුනොවන බවය.