ඇමරිකාව චින සංචාරකයින්ට පනවා තිබූ කොරෝනා සංචරණ සීමා ඉවත් කරයි

චින සංචාරකයින්ට පනවා තිබූ කොරෝනා සංචරණ සීමා ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එරටට පැමිණීමේදී කොරෝනා පරීක්ෂණ සිදු කිරීම මින් ඉදිරියට අනිවාර්ය නොවනු ඇති.
අනිද්දා (10) සිට මෙම සීමා ලිහිල් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය සතියේ දී ජපානය ද චීන සංචාරකයින්ට පනවා තිබූ කොරෝනා සංචරණ සීමා ලිහිල් කිරීමටයි පියවර ගනු ලැබුවේ.

