වෘත්තිය සමිති රැසක් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල

වෘත්තිය සමිති රැසක් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 40ක නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට නියමිත යි.

ඒ, බදු ඉහළ නැංවීම, ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ, තම සංගමය අද දිනයේ වර්ජනයේ නිරත නොවුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

කෙසේ වෙතත්, ඒ සඳහා සහය දක්වන බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වුණා.